කිලිනොච්චි නගරයෙන් ඔබ්බට පිහිටි මුලතිවු වනාන්තරයට රිංගායන කරත්ත පාරක් වැනි දුඹුරු පැහැති ඝන දුවිල්ලෙන් පිරී සිහින්
මාර්ගය කුඩා රථවාහනයක් යාන්තමින් දක්කාගෙනයා හැකි තරමේ ඉඩකඩක් ඇති වැලි පාරකි.
සාමාන්‍ය ගමනා ගමනයට භාවිත නොකරන අඩිපාරකට වඩා වැඩි නොවන මෙම දුර්ඝ මාර්ගයපසුගිය කාලය තුල යානවාහන වලින් පිරී ඉතිරී යන්නට පටන්ගෙන ඇත. මේ සියලුමවාහනවල ගමන් කරන්නෝ කුතුහලය සිත්හි පුරවාගත් ඇත්තෝය. ජීවිතයට අනුරාධපුරයෙන්උතුරට ගමන් කර නොමැති ඇත්තෝය. දකුණේ ජීවත්වන සිංහල දෙමල සහ මුස්ලිම් වැසියෝය.
මෙ අතරේපාසල් දරු දැරියෝ වෙති. බෞද්ධ භික්ෂුන් වහන්සේලා වෙති. වෙනත් ආගමික පුජකවරුන් වෙති. තරුණ තරුණියෝ වෙති. වැඩි මහල්ලෝ වෙති.
පවුල් පිටින් බත් මුල් බැඳගෙන වන්දනා ගමනක් යන විලාශයෙන් ඔවුන් මේ යන්නේ කොහේද? මොනවා දකින්ටද?
කිසිම ඉස්පාසුවක් නැතිව මොවුන් මේ එකතුවන්නේ ශ්‍රී ලංකාවේ අලුතින්ම ආරම්භවී ඇති සංචාරයකටය.
මුලතිවු ඝන වනාන්තරය ඇතුලේ ඇති බංකර් දැක බලා ගැනීමේ මහා බංකර් සංචාරයකටය.
මෙවන් ආකල්පයක් ශ්‍රී ලාංකිකයින්ට ඇතිවුයේ නිකන්ම නිකන් නොවේ. මොවුන්ගේ සිත් තුල ඇතිවී ඇති මේ කුහුල පසුපස ඇත්තේ එක දෙයකි. එක පරමාර්ථයකි.
ශ්‍රීලංකාව විනාශමුඛයට පත්කළ ශ්‍රී ලංකාවේ කිසිම අයෙකුට තඹ දොයිත්තුවකවත් හොඳක්සිදුනොවුන මහාම මහා කාලකන්ණි ක්‍රියාදාමයක අප්‍රසන්න නෂ්ටාවශේෂයන් දැක බලාගැනීම පිළිබඳව ඔවුන්ගේ සිත් තුල පහළවී ඇති මනදොල සපුරා ගැනීම ඒ පරමාර්ථයයි. ඒ ආශාවයි.
"දැක්කද යැයි කෙනෙක් විමසන විට අපොයි ඔව් හොඳට දැක්කා" යැයි කීමට ඇති අශාව පෙරදැරිකරගෙන මේ රංචු ගණනින් යන්නේ ඒ නටඹුන් දැකගන්නටය. සමහරවිට වැඳපුදා ගන්නටය.
මේ කටුක අතීතය දැන් බොහෝදෙනාට මතක නැත. වෙනත් හේතුවක් අරමුණු කරගෙන වුවද "අතීතය සිහිනයක් පමණයි" කීවේත් ඔය අනුරාධපුරය පැත්තේ කෙනෙකි.
2009 වසරේ 138 වෙනි දිනය මැයි මාසයේ 18 වෙනි සඳුදාය. එදා වන තුරු කිසිවෙක්අසා නොතිබුන වැදගම්මක් ඇති පලාතක්යැයි සිතා නොතිබුන ශ්‍රී ලංකාවේ නැගෙනහිරවෙරල තීරයේ පිහිටා ඇති නන්දිකඩාල් නම්වූ කිලිටි කලපුවකදී තිරුවේන්කාඩම්වේලුපිල්ලේ ප්‍රභාකරන් නම්වූ පනස් හතර හැවිරිදි මිනිහෙක් මියගිය පසුව ඒමුළු පලාතම ශ්‍රී ලංකාවේ අනෙක් හැම තැනකම ජීවත්වුවන්ගේ කුතුහලයට පත්වූ භුමිභාගයක් බවට පත්විය.
මේ කුතුහලයේ ආනිසංසය වන්නේ මේ අප කියන මහා බංකර් සංචාරයේ ජන්මයයි.
මේ සංචාරය දිගහැරෙන කරත්තපාරකෙලවර පිහිටා ඇත්තේ කටුකම්බි වැටවල් හයකින්ද බිම්බෝම්බ දහස් ගණනකින්දබිරකරු සුනඛයන් රඳවා සිටි බලුකුඩු පන්තියකින්ද වටකර ඉදිකර තිබු අක්කර 60ක්විශාල වූ භූගත බංකර් සංකීර්ණයයි.
මෙම සුඛෝපභෝගී බංකරයේ තමන් සතුරන් යැයි සැලකු අයගෙන් මෙන්ම මිතුරන්ගෙන්ද පණබෙරාගෙන සැඟවී සිටි මිනිහා ඉහතින් කියූ නන්දිකඩාල් කිලිටි කලපුවේ හිස් ඔලුගෙඩියට වෙඩි වැදී මියගිය තිරුවේන්කාඩම් වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැත්තාය.
විශාල බලකොටුව යන තේරුම ඇති "පුලි කොට්ටායි" යනුවෙන් දෙමළ වචනයෙන් හැඳින්වුන මෙම බංකර් සංකීර්ණය කේන්ද්‍ර කොට ඉදිකර ඇත්තේ බැලූ බැල්මට එතරම් වැදගත්කමක් ඇතැයි කිවනොහැකි සාමාන්‍ය වර්ගයේ කුඩා ගොඩනැගිල්ලකි. දුටුවන් මුළා කරවන එම ව්‍යාජ නිවහනේ ඇත්තේ ඉදිරිපස බිත්තියත් ඇතුල්වීම සඳහා ඇති කුඩා කාමරයත් පමණකි.
එම කුඩා කාමරය තුලින් ඇතුල්විය හැක්කේ අඩි හතළිහක් පමණ පොලව යටට හාරා ඉතාමත් සවිශක්ති සම්පන්නව නිමකර ඇති තට්ටු හතරකින් යුතු සුඛෝපභෝගී විශ්මිත නිවහනයකටය. එහි ඝන කොන්ක්‍රීට් බිත්ති අඩි තුනක් පළලය. හැම දොරක්ම ඔනෑම පිපිරීමකට ඔරොත්තුදෙන ආකාරයේ ඝන යකඩයෙන් නිමාකර ඇත. ජීවිත පුජාවෙන් තම නායකයා රැකගැනීමට දිවුරුම්දී සිටි ආරක්ෂකයින් 200ක් තුන්තිස් පැයේම රැකවල්ලා සිටි මෙම බංකරයේ ජීවත්වුණේ එල්ටීටීඊ නායකයාව සිටි ප්‍රභාකරන්ය.
ශ්‍රී ලංකාව තුලත් දකුනු ඉන්දියාවේත් සිදුකල බොහොමයක් ව්‍යසනයන් ඔහු සලසුම්කළේ මහපොලව යට ඉදිකර තිබු මේ බිංගෙය තුල සැඟවී ඉඳගෙනය.
අද උතුරු පලාතේ නව සංචාරක ගමන් මාර්ගයේ ප්‍රධාන විචිත්‍රාංගය බවට පත්වී ඇති පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පිහිටි මෙම බංකර් සංකීර්ණය පාලනය කෙරෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවය.
ශ්‍රී ලංකා හමුදාවන් එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් කොටුකරගත් අවසාන දින