කිලිනොච්චියේ ශිව නගර් උර්තීරපුරම් ඉපැරැණි සිද්ධස්ථානයකට අයත් බව සැලකෙන සිරිපතුලක හා දා ගැබක නටඹුන් සොයා ගත් බව කිලිනොච්චි ආරක්ෂ සේනා අණ දෙන නිලධාරී සුදන්ත රණසිංහ කියයි.
කැඩි බීදි ගිය සමාධි බුදු පිළිමයක් ද විශ්කම්භය අඩි හැටක දා ගැබක නටඹුන් ද කැටයම් කළ සඳකඩ පහනක් හා ගල් කණු කිහිපයක් ද එහි ඇතැයි උතුරු පළාත් පුරා විද්‍යා නිලධරයෝ ද තහවුරු කරති.

