උතුරෙන් ඉන්දියාවට ගුවන් ගමන්


උතුරු හා නැගෙනහිර පළාතේ පලාලි හා ත‍්‍රිකුණාමලයේ සිට ඉන්දියාවට ඝෘජු ගුවන් සේවාවක් ආරම්භ කළ යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව තුල සම්මත කර තිබේ.

පළාත් සභා මන්ත‍්‍රි එම් .කේ සිවාජිලිංගම් මහතා යෝජනාව ඉදිරිපත් කළේය. පළාත් සභා මන්ත‍්‍රි එස් . සිවමෝහන් මහතා ස්තීර කළේය.

කන්කසන්තුරය වරාය කඩිනමින් වෙළෙඳ නැව් ගමනාගමනයට භාවිතා කළ යුතු බවත් තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය ඉදිකර අවසන් වූ පසු තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා නැව් සේවාවක් ආරම්භ කළ යුතු බවත් සිවාජිලිංගම් මහතා කීවේය.

එම යෝජනාව ශ‍්‍රි ලංකා රජයට හා ඉන්දීය මධ්‍යම රජයේ අවධානයට යොමුකරන ලෙස ශිවාජිලිංගම් මන්ත‍්‍රි ඉල්ලා සිටියේය.