(රංජන් කස්තුරි)
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා අද(22) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ජනපතිගේ වැඩපිළිවෙළට සහාය පළ කළේය.
ජයන්ත මාරසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමුවූ අතර රටට අවශ්‍ය දේශපාලන පරිවර්තනය මෙන්ම ජනතාව දුගී භාවයෙන් නිදහස් කරගනිමින් රටට අවශ්‍ය සංවර්ධනය ඇතිකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල වැඩකොටසක් සිදුකරන බ මාරසිංහ මහතා කීය.

