උතුරු සබේ මැති ඇමතිවරු උද්ඝෝෂණයක


(රොමේෂ් මධුෂංඛ)
 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරු පළාත් සභා රැස්වීම අතරතුර  පළාත් මැති ඇමැතිවරුන් සියලු දෙනාම සභා ශාලාව තුළ අද (24) උද්ඝෝෂණය කිරීම නිසා විනාඩි 5කට ආසන්න කාලයක් සභාවේ කටයුතු නැවැත්වීමට සිදු විය.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව බාරයේ තිබෙන ඉඩම් නිදහස් කිරීම,අතුරුදහන් වූවන් සොයදෙන ලෙසත් රජයට බල කරමින් මෙම උද්ඝෝෂණය සිදු කර ඇති අතර මීට උතුරු පළාත් සභාවේ සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගයද හිමි වීම විශේෂත්වයකි.

උද්ඝෝෂණය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී.  විග්නේෂ්වරන් මෙහිදී කියා සිටියේ මේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවටත් මේ පිළිබද ජනාධිපතිවරයාගේ ස්ථාවරය උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හරහා කඩිනමින් දැන ගැනීමට කටයුතු කරන බවත් ය.

පළාත් මහ ඇමැතිවරයාගේ ප්‍රකාශයත් සමග සභාවේ කටයුතු යථා තත්ත්වයට පත් වූ අතර උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මෙහිදී කියා සිටියේ වර්තමාන රජය බලයට පත් වීමට පෙර ලබා දුන් පොරොන්දු ඉටු නොවීම කනගාටුවට කරුණක් බවටයි.