ලබන 27 වැනිදා පැවැත්වෙන සැසි වාරයේදී උතුරුමැද පළාත් සභාවේ බලය විපක්ෂයට හිමිවන ලකුණු ඇතැයි ඇමැති දුමින්ද දිසානායක මහතාට සමීප ආරංචි කියයි.
එහි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනාගෙන් අද වන විට තිදෙනකු -පේෂල ජයරත්න, පී.බී.දිසානායක හා හේරත් බණ්ඩා පක්ෂය හැර ගොස් සිටිති. තවත් මන්ත්‍රීවරයකු එජාපයට සහය දීමට යන බවත් වාර්තාවේ.
උතුරු මැද පළාත් සභා මහ ඇමැති එස්.එම්.රංජිත් මහතා පැවසුවේ විපක්ෂ මන්ත්‍රී ගණන ආණ්ඩු පක්ෂයට වඩා වැඩි වුවහොත් තමා තනතුර හැරදා යන බවයි.

