උතුරු මැදත්, දකුණත් දිවි නැගුම විවාදයට ගනි
උතුරු මැද පළාත් සභාවේ සහ දකුණු පළාත් සභාවේ අද දිවි නැගුම පනත විවාදයට ගැනෙද්දී පළාත් සභා ගොඩනැගිලි දෙක ඉදිරිපිට සමෘද්ධි නිලධරයෝ පිරිසක් උද්ඝෝෂණවල නිරතව සිටිති. දිවි නැගුම පනත සම්මත කර දෙන්නැයි ඔවුහු ඉල්ලති.

