උතුරු මැද මහ ඇමැති කුණු ගොඩක් අවුස්සයි


ටෙන්ටර් පටිපාටියෙන් බැහැරව පසුගිය උතුරුමැද පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරිය දුෂිත ලෙස වෙන් කළැයි කියන රුපියල් කෝටි 72ක් ගැන වහා පරීක්ෂණයක් අරඹන ලෙස මහ ඇමැති එස්.එම්. රංජිත් මහතා නියෝග කරයි. ගංවතුරට කැඞී ගිය මාර්ග අලූත්වැඩියා කිරීමට ලැබුණු මුදලට මුවාවී මේ වංචා කර ඇතැයි රජයේ විගණන අංශය පරීක්ෂණට කැඳවා ඇතැයි ද මහ ඇමැති පවසයි.