උතුරු මැද පළාත් සබේ ගාල ගෝට්ටියක්



(දයාරත්න ඇඹෝගම)
 
උතුරු මැද පළාත් සභාවේ අද (8) දින පෙරවරුවේදි නව සභාපති ඩි.එම්.අමරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මුල් මාසික රැස්විම ගාල ගෝට්ටි හු හඩ සහ ගිනි තැබීම් මධ්‍යයේ විනාඩි 45 කින් අවසන් විය.

පෙරවරු 10 ට ආරම්වු මාසික රැස්වීමේ දී පළාත් සභා මන්ත‍්‍රි කේ.එච්.නන්දසේන මහතා කියා සිටියේ පසුගිය ජුලි  08  වැනි දා පැවැති සභාව හිටපු සභාපතිවරයා විසින් කල් තැබිමෙන් පසුව නිති විරෝධි ආකාරයට විපක්ෂයේ මන්ත‍්‍රිවරු යළි සභාව පවත්වා නිති විරෝධි ලෙස සභාපතිවරයකු පත්කර ගැනිම නිති විරෝධි බවයි.

ඒකාබද්ධයේ මන්ත‍්‍රිවරු කළු පටි බැඳ සිය විරෝධය දැක්වු අතර පසුව ඔවුන් මෙදින න්‍යාය පත‍්‍රයට ද ගිනිතබා සභාවෙන් පෙ.ව. 10.20 පිටව ගියහ.