උතුරු ධීවරයෝ උපවාසයක


ඉන්දියා ධීවරයන් හා දකුණේ ධීවරයන් මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරතියි කියමින් මුලතිව් ධීවර සමිති තුනක සාමාජිකයෝ තිදෙනෙක් මුලතිව් දිසාපති කාර්යාලයය ඉදිරිපිට අද උපවාසයක් ඇරැඹීය.

දකුණේ ධීවරයන් 400ක් පමණ තහනම් ධීවර ආම්පන්න භාවිත කරමින් තමන්ට හිමි විය යුතු දේ සූරා කතියි මුලතිව් ධීවරයෝ කියති.

ඔවුන් තිදෙනාට සහාය දැක්වීම සඳහා උතුරේ දහසක් පමණ ධීවරයෝ එහි පැමිණ සිටිති.