උතුරු ඡන්දෙට අනිසි බලපෑම්


උතුරු පළාත් සභා මැතිවරණයේ  ඡන්ද අපේක්ෂකයින්ට ආරක්ෂක අංශවලින් බියවැද්දීම පිළිබද පැමිණිලි ලැබී ඇති බැවි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ (කැෆේ) විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

තෙන්නකෝන් මහතා එලෙස පැවසුවේ වවුනියාව දිස්ත්‍රික්කයේ  ජන්ද නීති උල්ලංඝනය පිළිබ`ද හා උතුරු පළාත් ඡන්ද ප්‍රචාරය පිළිබ`ද වවුනියාව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හා වවුනියාව නගරයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

තෙන්නකෝන් මහතා මෙසේ ද කියයි.

උතුරේ සිවිල් නීතිය තවමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ,උතුරු පළාතේ  එක්ලක්ෂ දස දහසකට  ජාතික හැදුනුම්පත් නැහැ, එයින් අසූදහසක පිරිසකට මොනයම් හෝ හැදුනුම්පතක් හෝ නැහැ.

නැවත පදිංචි කළ ජනතාව සිටින ප්‍රදේශයන් හි ආණ්ඩු පක්ෂයේ  නොවන ඡන්ද අපේක්ෂකයින්ගේ ඡන්ද ප්‍රචාරණ කටයුතු ස`දහා ආරක්ෂක අංශ බාධා කරනවා.

සමස්තයක් ලෙස ගත්කල ඉලංකයි තමිල් අරසුකච්චි පක්ෂයට , ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික සමානතා පක්ෂයට ආරක්ෂක අංශයන් විසින් විවිධ තර්ජනය කිරීම් එල්ල කොට ඇති බවට පැමිණිලි හයක් පමණ ලැබී තිඛෙනවා, ඉදිරි සති හයක කාලය තුල ආණ්ඩුව විසින් උතුරේ සිවිල් නීතිය ක්‍රියාත්මක කොට උතුරේ අපේකෂකයින්ට දේශපාලන නිදහස ලබාදිය යුතුයි.