උතුරු පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා නම් කොට තිබේ.
තම පක්ෂය දින ගණනාවක සිට පැවැත්වූ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම තීරණය ගත් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා කියයි.