උතුරට නව අමාත්‍යවරු දෙදෙනෙක්


(රොමේෂ් මධුෂංඛ)

උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් නව අමාත්‍යවරු දෙදෙනෙක් අද (23) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්හ.

උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය,පරිවාස හා ළමාරක්ෂක සේවා නව අමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය ආචාර්ය ඥානශීලන් ගුණසීලන් මහතාද කෘෂිකර්ම හා ගොවිජන සේවා ,සත්ව පාලන ,වාරිමාර්ග ,ධීවර , ජල සම්පත් හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කන්දයියා සිවනේශන් මහතා අද පත් කෙරිණ.

ඊට අමතරව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාද මුදල් හා ක්‍රම සම්පාදන , නීතිය හා සාමය , ඉඩම් විදුලිබල ,නිවාස හා ඉදිකිරීම්, සංචාරක ,පළාත් පාලන, පළාත් පරිපාලන ,ග්‍රාම සංවර්ධන , මාර්ග සංවර්ධන , මෝටර් රථ ප්‍රවාහන හා ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන්  දිවුරුම් දුන්නේය.

තවද උතුරු පළාත් කාන්තා කටයුතු ,පුනරුත්තාපන , සමාජ සේවා ,සමූපාකාර, ආහාර සැපයුම් හා බෙදාහැරීම් කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන ,වෙළෙඳ හා වානිජ අමාත්‍යවරිය වශයෙන් ආනන්දි ශෂිධරන් මහත්මියද දිවුරුම් දුන්නාය.