(උපාලි ආනන්ද)
අනුරාධපුර නිවත්තකෙචිතිය මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමින් පවරා ඇති නඩුවට සති හතරක් තුළ වගඋත්තර බඳින ලෙස උතුරු මැද පළාත් ප‍්‍රධාන ඇමති පේෂල ජයරත්න මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝග කළේය.
පාසලේ පැවති උත්සවයකට පැමිණි උතුරු මැද පළාත් ප‍්‍රධාන ඇමතිවරයා නිසි අයුරින් පිළිනොගත්තැයි එම විදුහල්පතිවරයා ස්ථාන මාරු කරනු ලැබූ බව කියමින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
පේෂල ජයරත්න මහතා ,පළාත් ආන්ඩුකාරවරයා, පළාත් ප‍්‍රධාන ලේකම්වරයා, පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරිය සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇතුළු වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස නියෝග කළේය.
පෙත්සම්කාර විදුහල්පතිවරයා නගා ඇති චෝදනාවන්ට වගඋත්තර බඳින ලෙස මීට පෙර අවස්ථා දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තකරුවන්ට නියෝග කර තිබුනද වගඋත්තර නොබැදීම නිසා තුන් වන වතාවටත් මෙලෙස නියෝග කෙරිණ.

