ගාල්ල උනවටුන ,දලවැල්ලේ හෝටලයක පවත්වාගෙන ගිය බව කියන බූරු පොළක් වටලා ව්‍යාපාරිකයන් ඇතුළු 14 දෙනකු සමග රුපියල් ලක්ෂ 28ක් අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. සූදු පිටියේ රුපියල් 411,000 ක් ද ව්‍යාපරිකයන් ළඟ සූදූ පිටියට නොදැමූ 24,18,000ක් ද තිබූ බවත් ඔවුන්ගේ සාක්කු වල තිබූ මුදල් ඔවුන්ට දීමට හැකි බවත් පොලිස් ආරංචි කියයි.
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ද, ධනවත් ව්‍යාපාරිකයන්ද, අත්අඩංගුවට ගත් අය අතර සිටින බව පොලිසිය පවසයි.

