උඩුවේ හිමි ලන්ඩන් බෝධි පුජාවේ


ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පොහොය නිමිත්තෙන් බෝධි පුජා පින්කමක් සහ ධර්මදේශනාවක් පැවැත්වීමට උඩුවේ ධම්මාලෝක හිමියෝ ලන්ඩන් වඩිති.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කැරෙන මෙම පිංකම ලබන 24 වන සෙනසුරාදා සවස 4.30 ට කින්ස්බරි මහා විද්‍යාල ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

පින්කමෙන් අනතුරුව සද්ධාතිස්ස විහාරස්ථානයේ දායකයින් විසින් සංවිධානය කර ඇති ආහාර දන්සලක්ද පැවැත්වෙයි.