උඩරට දුම්රිය මගට පස්-ගල් කඩා වැටෙයි


(රංජිත් රාජපක්ෂ)

උඩරට දුම්රිය මාර්ගයට ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 33 වැනි බිංගෙය අසලින් විශාල පස්කන්දක් හා ගල් කිහිපයක් කඩා වැටිම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ප‍්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමග මෙය සිදුව ඇති බවත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාති‍්‍ර තැපැල් දුමිරිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ නතර කර ඇති බවත් පාලක මැදිරිය පවසයි.

පස් සහ ගල් ඉවත් කිරිමට ආපදා කළමනාකරණ ඒකකය හරහා දියතලාව යුද හමුදා කඳවුරේ භට පිරිස්වල සහයෝගය ඇතිව බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය නඩත්තු අංශයේ සේවකයින් මේ වන විටත්   කටයුතු ආරම්භ කර ඇත.