උග්ගල් දෙවොල් ඇතා කුලප්පුවෙයි


බලන්ගොඩ උග්ගල අලුත්නුවර කුඩා කතරගම දේවාලයේ කරඬුව වැඩම කැරවීමට සිටි  ඇතා කුලප්පුවීමෙන් හෝ කුලප්පු කැරවීමෙන් ඉරිදා රාත්‍රී පෙරහර අතරමඟ නතර විය. කුලප්පුවූ ඇතා ත්‍රිරෝද කිහිපයකට හා කඩ කිහිපයකට පහරදී ඇතැයි ද, ඒ සමගම පොලු මුගුරු රැගත් පිරිසක් බස්නායක නිලමේ නිල නිවෙසට පැන බඩුමුට්ටු වනසා ආරාධිත අමුත්තන්ගේ කෑම මේසය ද පෙරළා ඇතැයි කියති. අලියා කුලප්පු වුයේ ‘කිල්ලක්‘ නිසා යැයි පිරිසක් කියති. එහෙත් එය එහි ඇත්තක් නැතැයි ද පෞද්ගලික පළිගැනිමක් ලෙස අලියා කුලප්පුකැර ඇතැයි ද දේවාලයේ මෙහොට්ටාල කුමාරසිංහ බණ්ඩාර නිලමේ කියයි.