ඊළඟ ජනපතිවරණයෙත් ශ්‍රීලනිප අපේක්ෂකයා මෛත්‍රීමයි - ඉසුර


 ඩයනා උදයංගනී 
 
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 18 දෙනෙකු ඉවත්වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අය ද එක්කරගෙන පක්ෂයේ මන්ත්‍රීවරුන් 95 දෙනා ලෙස ඒකරාශීවීම සඳහා විය හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
 
ජනාධිපතිවරයා සමඟ සිටින කණ්ඩායමේ කිසිවෙකුත්  ඔහු අපහසුතාවට පත්වන අයුරින් කටයුතු නොකරන බව කී ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපතිවරයා වැනි ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව දෙන නායකයෙකු ඔවුන්ට යළිත් හමු නොවන බව ද ප්‍රකාශ කළේය.
 
 එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ද හෙතෙම කීවේය.

ඇමතිකම් දෙන්නේ නම් ආණ්ඩුවට එක්වීමට කැමති හත් අට දෙනෙකු ඒකාබද්ධ විපක්ෂයේ සිටින බව ද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
 
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි