ඊශ්‍රායලය පලස්තීනයට යළි පනින සූදානමක්
පලස්තීනයේ හමාස් කැරළි නායක අහමඩ් ජවාරි මරා දැමූ පළිය ලෙයට ලෙයින් ගන්නා බව ගාසා තීරයේ පාලක හමාස් පක්ෂය කියයි.
ඊශ්‍රායල් රොකට් ප්‍රහාරයකින් ඔහු මරුමුවට පත් විය.
මේ ප්‍රහාරයත් සමග පලස්තීන කැරළි නායකයන් සොයා පහරදීමට ඊශ්‍රායලය සැරසුණු බවත්, අවශ්‍ය වුවහොත් ගොඩබිමින් මෙහෙයුමක් කිරීමට සූදානම් බවත් ඊශ්‍රායලයට කියයි.
ලොකු හෝ පුංචි හමාස් නායකයන් කිසිවකුත් පොළොවෙන් උඩට ඔළුව නොඑසවන ලෙස අවවාද කරන බව ඊශ්‍රායලය කියයි.

