ඊජිප්තුවේ දුම්රිය අනතුරින් ළමෝ 47ක් මරුට


වයස අවුරුදු 4-6 කඩා දරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඊජිප්තුවේ කයිරෝ නුවරට දකුණුන් වූ ගම්මානයක දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක් හා ගැටීමෙන් කුඩා ළමෝ 47 දෙනෙක් මඳ වේලාවකට කලින් මරුමුට පත් වූහ. තවත් ළමයින් 13 දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි. අනතුර වීමත් සමග ප්‍රවාහන ඇමැතිවරයා ද දුම්රිය ප්‍රධානියා ද ඉල්ලා අස්වූහ.