මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිදැයි ඉදිරිපත් වූ ප්‍රශ්නයට යැවුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ලබා දෙන්නැයි ලේඛකාධිකාරීවරියගෙන් ඉල්ලීමක් කළත් මෙතක් ප්‍රතිචාරයක් නොලැබුණු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසීය.
පිටු 28කින් යුත් වාර්තාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබුණ ද එය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතයමදැයි නොදන්නා බවත්, එවැනි මතයක් අධිකරණයෙන් ලබා දෙතියි සිතිය නොහැකි බවත් ජයසූරිය මහතා කීවේය.
‘ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය මැතිවරණ කොමාසරිස්වත් දන්නවද දන්නේ නෑ. ඇතැම් විට ඔහු එය දකින්නත් ඇත්තේ පුවත්පත්වලින් වෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා දෙන්නැයි අපි දින දහයකට පමණ පෙර ලේඛකාධිකාරීගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. නමුත් තවම නිසිම ප්‍රතිචාරයක් නෑ. ‘

