ඉසිපතන ක‍්‍රීඩකයෝ ජනාධිපති කුසලාන රග්බි ශූරතාව දිනති


ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ මයිලෝ ‘ජනාධිපති’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ (2012) ශූරතාව දිනාගැනීමට සමත් විය. කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (14 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී ඉසිපතන විදුහල ලකුණු 21-16 කින් මහනුවර ත‍්‍රිත්ව විදුහල පරාජය කළේය.