ඉලක්කයට වෙඩි තැබීමේ ජාතික ශූරතාවලියේදී මැග්නම් පිලෙන් යුද හමුදාවට අභියෝගයක්


ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ සංගමය සංවිධානය කළ ඉලක්කයට වෙඩි තැබීමේ ජාතික ශූරතාවලියේදී පිස්තෝල ඉසව්වේ පිරිමි ශූරතාව සුරංග ප‍්‍රනාන්දු ද, කාන්තා ශූරතාව රුවිනි අබේමාන්න ද දිනා ගැනීමට සමත්වුහ. වැලිසර නාවික හමුදා වෙඩි පිටියේදී පැවැති මෙම තරගාවලියේ රයිෆල් ඉසව්වේ පිරිමි ශූරතාව එස්. එම්. එම්. සමරකෝන් දිනාගත් අතර ඩබ්ලිව්. කේ. ජී. මධුෂානී එම ඉසව්වේ කාන්තා ශූරතාව දිනා ගත්තාය. වායු රයිෆල් ඉසව්වේ කාන්තා කණ්ඩායම් ඉසව්වේ ශූරතාව මැග්නම් වෙඩි තැබීමේ ක‍්‍රීඩා සමාජයේ 15 හැවිරිදි කනිෂ්ඨ ක‍්‍රීඩිකාවන් වන හැනා ඞීන්, ප‍්‍රනීතා වාසුදේවන් සහ ටර්යානා ඔඩායා දිනා ගැනීම කැපී පෙනේ. මැග්නම් පිලේ මෙම පෙරළිකාර ජයග‍්‍රහණයත් සමගින් ප‍්‍රබල යුද හමුදා වායු රයිෆල් කාන්තා කණ්ඩායමට අඛණ්ඩව රැකගෙන ආ ශූරතාව මෙවර අහිමිව ගියේය. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ. අවසන් තරග ප‍්‍රතිඵල: x  මීටර 10 වායු රයිෆල් ඉසව්ව (කාන්තා) 1.හැනා ඞීන් (387, මැග්නම්), 2.පී.ඩබ්.මුතුනායක (384, යුද හමුදාව), 3.ප‍්‍රනීතා වාසුදේවන් (384, මැග්නම්) x  මීටර 10 වායු රයිෆල් කණ්ඩායම් ඉසව්ව 1.මැග්නම් වෙඩි තැබීමේ ක‍්‍රීඩා සමාජ කනිෂ්ඨ පිල (1141), 2.යුද හමුදාව (1132), 3.යුද හමුදාව (1130) x මීටර 50 වායු රයිෆල් ඉසව්ව (කනිෂ්ඨ, කාන්තා) 1. හැනා ඞීන් (387, මැග්නම්), 2. ප‍්‍රනීතා වාසුදේවන් (384, මැග්නම්), 3. ටර්යානා ඔඩයාර් (370, මැග්නම්) x මීටර 50 රයිෆල් ඉසව්ව (බිම දිගා වී, කාන්තා) 1.යු.ඊ. එගොඩවෙල (580, නාවික හමුදාව), 2.කේ.ජී.මධුෂාණී (577, යුද හමුදාව), 3.ජී.ඞී.ප‍්‍රදීපිකා (573, ගුවන් හමුදාව) x මීටර 50 රයිෆල් ඉසව්ව (බිම දිගා වී, කාන්තා කණ්ඩායම් ඉසව්ව) 1.යුද හමුදාව (1708), 2.නාවික හමුදාව (1689), 3.ගුවන් හමුදාව (1682) x මීටර 50 නිදහස් පිස්තෝල ඉසව්ව (පිරිමි) 1.සුරංග ප‍්‍රනාන්දු (531, මැග්නම්), 2.ගාමිණී වල්ගම (513, පොලිසිය), 3.රුවන් කුමාර (යුද හමුදාව) x මීටර 50 නිදහස් පිස්තෝල කණ්ඩායම් ඉසව්ව 1.යුද හමුදා ඒ පිල (1505*, 2.පොලිසිය (1485), 3.යුද හමුදා බී පිල (1463) x මීටර 10 වායු රයිෆල් ඉසව්ව (පිරිමි) 1.එම්.එම්.සමරකෝන් (586,යුද හමුදාව), 2.එන්.ඞී.කරුණාරත්න (570, යුද හමුදාව), 3.ජගත් බණ්ඩාර (567,යුද හමුදාව) x මීටර 10 වායු රයිෆල් කණ්ඩායම් ඉසව්ව 1.යුද හමුදා ඒ පිල (1723), 2.යුද හමුදා බී පිල (1663), 3.නාවික හමුදාව (1647) x 40 * 3 රයිෆල් ඉසව්ව (පිරිමි) 1.ඩබ්.කරුණාරත්න (1129), 2.එම්.එම්.සමරකෝන් (1124), 3.ඒ.ආර්.හේමචන්ද්‍ර (1094) x 40*3 රයිෆල් කණ්ඩායම් ඉසව්ව 1.යුද හමුදාව (3346), 2.ගුවන් හමුදාව (3201) x මීටර 50 රයිෆල් ඉසව්ව (බිම දිගා වී, පිරිමි) 1.එම්.එම්.සමරකෝන් (590, යුද හමුදාව), 2.කේ.වයි.ක‍්‍රිෂාන්ත (588, නාවික හමුදාව), 3.එම්.සෙනෙවිරත්න (578, නාවික හමුදාව) x මීටර 50 රයිෆල් (බිම දිගා වී, පිරිමි කණ්ඩායම් ඉසව්ව) 1.නාවික හමුදාව (1739), 2.යුද හමුදාව (1738), x මීටර 25 රැුෆිඞ් ෆයර් පිස්තෝල ඉසව්ව (පිරිමි) 1.ඒ.එල්.හේරත් (509, ගුවන් හමුදාව), 2.ඞී.ඞී.ප‍්‍රනාන්දු (488, ගුවන් හමුදාව), 3.ගාමිණී වල්ගම (486, පොලිසිය) x මීටර 25 රැෆිඞ් ෆයර් පිස්තෝල කණ්ඩායම් ඉසව්ව 1.ගුවන් හමුදාව (1468), 2.පොලිසිය (1448), 3.යුද හමුදාව (1227) මැග්නම් වෙඩි තැබීමේ පිලේ හැනා ඞීන්, ප‍්‍රනීතා වාසුදේවන් සහ ටර්යානා ඔඩායාසුරංග ප‍්‍රනාන්දු