ඉරාන සබ්මැරීන් බළඇණියක් ලංකාවටත් එයි


ඉරානයේ 28 වැනි නාවික බළඇනිය යුද නැව් හා තරීක් සබ්මැරීන සමූහයක් සමග බෝම්බායට හා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉරානයේ ෆාර්ස් ප්‍රවෘති සේවය කියයි.

තම යුද නැව් සමූහය දකුණු ආසියාව බලා යාත්‍රා කරන බව නාවික මෙහෙයුම් නායක ලුතිනන් කමාන්ඩර් සියාවෂ් ජරේ නිවේදනය කිරීමත් සමගම එම නැව් මුම්බායි හා කොළඹ වරායන් වෙත පැමිණි බව ෆාස් කියයි.

ගමනේ අරමුණ පැහැදිලි නැතත් ඉරාන නාවික හමුදාවේ විදේශ මෙහෙවරට තීරණාත්මක වැදගත් කමක් මෙම ගමනින් සැපයෙතියි ෆාස් පුවත් සේවය කියයි.