ඉරාන යුද්ධයට යන වියදම අරාබි රටවලින් ඉල්ලා ගන්නවා


ඉරානය සමඟ යුද වැදීමට ඇමෙරිකාවට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය වී ඇති බැවින්, එම මුදල ඇමෙරිකන් හිතවාදී අරාබි ගල්ෆ් කලාපීය රටවලින් අය කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි. 

මේ බව අනාවරණය කළේ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට්ය. 1990 දී ගල්ෆ් යුද සමයේ දී ඇමෙරිකාවේ මැදිහත් වීමට ඇමෙරිකාවට ප්‍රතිපාදන ලබා දීමට ගල්ෆ් රටවල් කටයුතු කළ ආකාරයට මෙම යුද්ධයේ දී ද ඇමෙරිකාවට අරාබි රටවලින් යුද වියදම් ලබා ගැනීමට ට්‍රම්ප් සූදානමින් පසුවන බව වල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.