ඉඹුල්ගොඩ අනතුර සැක බව අන්තරය කියයි


ගම්පහ ඉඹුල්ගොඩදී අනතුරට ලක්වූ සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සැක සහිත බවත්, එම යතුරුපැදිය පිටුපස මෝටර් රථයක් පැමිණ යතුරුපැදියේ ගැටීමට සලස්වා වාහනය නොපෙනී ගිය බව ඇසින් දුටුවකු පැවසූ බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය. ඔහු එසේ පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මේ සිද්ධයට සුළු මොහොතකට පෙර යක්කල සිට නවාතැන් පොලට යමින් සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු පිටුපසද යතුරු පැදි කිහිපයක් පැමිණි බවට තොරතුරු ඇතැයි ද, සිද්ධිය වූ තැනට පොලීසියේ උසස් නිලධාරීන්  පැමිණීම සැක සහිත බව ද සංජීව බන්ඩාර මහතා ප්‍රකාශ කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනුයේ එවැනි සැකයක් ඇත්නම් අන්ර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කළ යුත්තේ තමන් සතු තොරතුරු පොලීසියට ලබා දීම මිස අභූත චෝදනා එල්ල කිරීම නොවන බවයි. අනතුර දැනගත් සැණින් පොලීසිය එහි ගියේ පරීක්ෂණ පැවැත්වීමට බවත්, ඔවුන්ගේ පසුපස කිසිවකු වාහනයකින් ලුහු බැඳ ගිය බවට හෝ අනතුරක් සිදු කළ බවට මෙතක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් කියන අජිත් රෝහණ මහතා තොරතුරු ඇතොත් ඉදිරිපත් කරන ලෙසද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට කියයි. මියගිය සිසුන් දෙදෙනා