ඉපැරණි භාණ්ඩ සමග පස්දෙනෙක් සැකපිට


පැරණි ආභරණ සහ ආයිත්තම් තොගයක් අනවසරයෙන් චෙන්නායි නුවරට ගෙන යන්නට තැත්කළැයි ශ්‍රී ලාංකිකයෝ පස් දෙනෙක් කටුනායකදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. වීඕසී ලංඡනය සහිත දේශීය කාසි සහ 1729 වර්ෂයට අයත් හෝලන්ඩියා රජයේ විදේශීය කාසිද මේ අතර විය. රජකාලේ ඉපැරණි හවඩි, මාල, මුදු, හැඳි සහ සාරි කටු ඇතුළු ආභරණ ආයිත්තම් රැසක්ද විය. සැකකරුවන් කොළඹ, බන්ඩාරගම සහ බොරැලැස්ගමුවේ පදිංචිකරුවෝය. රේගු අධිකාරී යාපා පියසේන, නියෝජ්‍ය රේගු අධිකාරී විමල් පියසුමන, සහකාර රේගු අධිකාරීවරුන් වන සනත් ජයසිංහ, අසංක ප්‍රියදර්ශන, එම් ඒ විජයකෝන්, ඩබ්ලිව් ප්‍රේමජයන්ත, ටී ඉලේපෙරුම, අසංග ප්‍රියදර්ශන සහ පී කෞෂල්‍ය වැටලීම සිදු කළහ.