ඉඳිආප්ප මුලේ හොරේ අහුවේ


ඉඳිආප්ප විකුණන මුවාවෙන් මත්කුඩු විකිණූ සිව්දරු මවක රුපියල් 40,000ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කොහුවල බෝධිය වත්තේදී අද (19) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාරිය සිය නිවස ඉදිරිපිට මේසයක් තබාගෙන ඉඳිආප්ප මුල් විකුණූ බව හඟවමින් කුඩු විකුණා ඇතැයි පොලිසිය පවසයි.