ඉන්ධනහලේ කලබල කරන්න ආ අයකු පන්නා දමයි


 

(යොහාන් භාසුර)

පානදුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල ආරක්‍ෂාවට යොදවා සිටි යුද හමුදා නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් ගිනි අවිය උදුරාගැනීමට උත්සහා කළ පිරිසක් පන්නා දැමීමට යුද හමුදා නිලධාරීහු කටයුතු කළහ.

දින කීපයක සිට එම ඉන්ධන පිරවුම්හලේ කටයුතුවලට පිරිසක් දැඩි බලපෑම් කරමින් සිටි බවත් යුද හමුදාව සහ පොලිසිය ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූ බවත් දැනගන්නට තිබේ.  

එම ඉන්ධන පිරවුම්හලෙන් බලහත්කාරයෙන් බූලියකට ඉන්ධන ලබා ගැනීමට සූදානම් වූ පුද්ගලයකු ද යුද හමුදාව  එළවා දමා ඇත

මේ වන විට එම ඉන්ධන පිරවුම්හලේ ආරක්‍ෂාව තරකර සාමාන්‍ය පරිදි ඉන්ධන සැපයුම ලබාදෙන බවත් ජනතාව කියති.

පානදුර දකුණ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එවැනි ‘පැමිණිල්ලක් ලැබී නොමැති බව වුවවද එම ඉන්ධන පිරවුම්හලට පොලිස් ආරක්‍ෂාව යොදවා තිබෙන බව ස්ථානාධිපතිවරයා  පැවසීය.