ඉන්ධන වර්ග දෙකක මිල පහළ දමයි


(යෙහොන් භාසුර)

ඉන්ධන වර්ග කිහිපයක මිල අද  මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත් බව නිවේදනය කළේය.

 ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර ඔක්ටේනි 92 ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 414කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 382ක් වේ.

 ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.

නව මිල ගණන් පහතින් දැක්වේ