ඉන්ධන පෝලිමෙන් පාමංකඩ වැහෙයි


(යොහාන් භාසුර)

පාමංකඩ හන්දියේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් දෙකෙන් ඉන්ධන ලබාගැනීම සඳහා සම්පූර්ණ මාර්ග වැසෙන සේ වාහන ගාල්කිරීම හේතුවෙන් පාමංකඩ ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් දැකිය හැකිය.

ඉන්ධන පිරවුම්හල් දෙකට මාර්ගයේ දෙපස වාහන පෝලිම් කර ඇති අතර මාර්ගයේ මැදට වන්නට කොටසක් පමණක් දෙපසට ධාවනය කරන වාහන සඳහා ඉතිරිව තිබේ.  

එම ප්‍රදේශයෙන් ධාවන කරන මාර්ග අංක 138 සහ 120 බස් රථ වාහන තදබදයට හසුවීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක