(යොහාන් භාසුර)
වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන තොග පවතින පිරවුම්හල් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදනය තාක්‍ෂණ නියෝජිත ආයතනය (අයි.සී.ටී.ඒ.) එකතුව fuel.gov.lk නමින් නව වෙබ් අඩවියක් හදුන්වාදී තිබේ.
එම වෙබ් අඩවියට පිවිස පළාත, දිස්ත්‍රිකක්ය, නගරය සහ ඉන්ධන වර්ගය ඇතුළත් කිරීමෙන් ළගම ඇති ඉන්ධන පිරවුම්හල්වල තොරතුරු ලබාගත හැකි බවත් එහිදී ඉන්ධන සැපයුම පෙරවරුවේ ආරම්භ කරන විට පැවැති ඉන්ධන ප්‍රමාණය සහ ඉන්ධන බවුසරයක් ළගා වන වේලාව සහ එම ඉන්ධන පිරවුම්හලේ ඇති සෙසු ඉන්ධන වර්ග ආදි තොරතුරු ලබාගත හැකි බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම වෙබ් අඩවිය විනාඩි 30 කට වරක් යාවත්කාලීන කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.