(යොහාන් භාසුර, ඉන්දිකා රාමනායක සහ සමන් කේ.ගමගේ)
ඉන්ධන නොමැතිවීමෙන් උරණ වූ පිරිසක් කොළඹ පංචිකාවත්ත ඇතුළු දිවයිනේ ස්ථාන රැසක මාර්ග අවහිර කර ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක නිතරව සිටිති.
පංචිකාවත්ත හන්දියෙන් මාර්ගය හරස් කර පවත්වන විරෝධතාවක් හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවී ඇති බවත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය පවසයි.
මේ අතර දෙමටගොඩ නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල ජනතාව අද පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කර ඇති බව දෙමටගොඩ පොලිසිට කියයි. පොලිසිය හා යුද හමුදා අදාල ඉන්ධන හල් අසල ආරක්ෂව තරකර ඇත.
ගල්කුලම ඉන්ධන පිරවුම්හල අසලදී ඒ නවය මාර්ගය හරස් කර විශාල පිරිසක් උද්ඝෝෂණයක නිතර වූ අතර පැය එකහමාරක් පමණ කාලයක් විරෝධතාව පැවැත්විණි.
මේ හේතුවෙන් පොසොන් වන්දනාවේ පැමිණි විශාල පිරිසක් දැඩි පීඩාවට පත් වූ අතර දිගු රථවාහන පොලිම් දක්නට ලැබිණි.

