(සිතුම් චතුරංග)
ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා වවුනියාව ප්‍රදේශවාසීහු පිරිසක් යාපනය නුවර එ නවය මාර්ගය වවුනියාව නගරයෙන් අවහිරකරමින් විරෝධතාවක නිරතවූහ.
විරෝධතාව අතරතුර යාපනය දක්වා ගමන්ගත් ඉන්ධන ප්‍රවාහන කළ බවුසර් රථයකට විරෝධතාකරුවන් ගමන් කිරීමට ඉඩනොදී රඳවා තබාගත් අතර එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇතිවිය.
දින හතරක කාලයක සිට වවුනියාව නගරයේ සෙපෙට්කෝ ඉන්ධන පිරිවුම් හලේ කළමණාකාරවරයාගේ උපදෙස් මත තමන් පෙට්‍රල් ලබාගැනීම සඳහා රැදී සිටින බවත් උදෑසන හයට පෙට්‍රල් ලබාදෙන බවට කළමණාකාර වරයා පැවසුවද මෙතෙක් ඉන්ධන ලබාදීමට කටයුතු නොකළ බවත් පැවසීය.
ජනතාව මුලාකරමින් ඉන්ධන පිරවුම් හලේ කළමනාකාරු ක්‍රියාකළ බවත් ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිස ඔහුට සහ ඉන්ධන ලබාදෙන කාර්ය මණ්ඩලය වෙතද විරෝධතාව දැක්විය.