(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට යාපනයට පැමිණ අනවසරයෙන් විවිධ රැකියාවල නිරතවෙමින් යාපනයේ රැඳී සිටි බව කියන ඉන්දීය ජාතිකයින් 27 දෙනකු අද (20) අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ බුද්ධි හා විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කරනු ලැබූ විශේෂ සෝදිසි වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට පත්වී ඇත.
මේසේ අත්අඩංගුවට ගත් 27 දෙනාගෙන් එක් අයෙකු විද්‍යාවේදී උපාධිදාරියකුද වන බවද කියැවේ.එම පිරිසෙන් 19 දෙනෙකු යාපනයේ තැනින් තැන සාස්තර කීමේ නිරත වී ඇතැයි ද පැවසේ.

