රාමසාන් මාසයට කලින් සෞදි විදේශ රැකියා ආයතන සංගමය සහ ඉන්දියා විදේශ රැකියා ආයතන සමග ගිවිස ගත් පරිදි ඉන්දියා ගෘහ සේවිකාවන් ඉදිරි මාස 3 ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව සෞදි පුවත් පත් අනාවරණය කරයි.ඉදිරි මාස තුන ඇතුළත මෙරටට පැමිණීමට නියමිත ඉන්දියා කාන්තාවන් මේ වන විටත් නියමිත පුහුණු වීම්වලට යොමු කරමින් පවතින අතර වීසා කටයුතුද දැනටමත් කෙරීගෙන යන බවද පවසයි.
සෞදි රියාල් 1200 ක (රුපියල් 41659 ) වැටුපකට සහ යාමට ඒමට ගුවන් ටිකට් පත්ද සමග මෙරටට ගෙන්වීම සදහා සෞදි විදේශ රැකියා ඒජන්සි ආයතන 430 ක් පමණ ඉන්දියා විදේශ රැකියා ආයතන සමග කටයුතු කරමින් සිටින බවද සදහන්ය.
මේ අතර සෞදි අරාබි ජාතික පවුල් සහ අනෙකුත් විදෙස් ජාතිකයින් දහස් ගණනක් ඉන්දියා ජාතික ගෘහ සේවිකාවන් බලාපොරොත්තුවෙන් සිටින බවද එම පුවත් පත් සඳහන් කරයි

