ඉන්දියාව කඩුලූ 8 කින් පාකිස්තානය පරදවයි


විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (30) රාත‍්‍රි පැවැති දිනයේ දෙවැනි තරගයේදී ඉන්දියාව කඩුලූ 8 කින් පාකිස්තානය පරාජය කළේය. පාකිස්තානය  ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 128 (මොහොමඞ් හෆීෂ් 15, සහිඞ් අෆ්රිඩි 14, ෂොයිබ් මලික් 28, උමාර් අක්මාල් 21, උමාර් ගුල් 12, ලක්‍ෂ්මිපති බලාජි 22/3, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 16/2, යුවරාජ් සිං 16/2) ඉන්දියාව  ඕවර 17 කදී කඩුලූ 2 ට 129 (විරේන්ද්‍ර සෙවැග් 29, විරාට් කෝලි නොදැවී 78, යුවරාජ් සිං නොදැවී 19)