විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගනු ඇතැයි බොහෝ දෙනකු ඉගි පළකළ ඉන්දියාවට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (02) රාත‍්‍රි පැවැති ‘සුපිරි අට’ වටයේ අවසන් තරගයේදී ඉන්දියාව ලකුණු 1 කින් දකුණු අප‍්‍රිකාව පරාජයට පත්කළ ද ශුද්ධ ලකුණු වේගය අනුව දෙවැනි කාණ්ඩයෙන් ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අවසන් පූර්ව වටයට සුුදුසුකම් ලැබීය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ලකුණු 152 ක් රැුස්කළ අතර දකුණු අප‍්‍රිකානු ඉනිම ලකුණු 121 කට හෝ ඊට අඩුවෙන් සීමා කළේ නම් ඉන්දියාවට ශූද්ධ ලකුණු වේගය අනුව අවසන් පූර්ව වටයට ඒමේ අවස්ථාව තිබුණි.
x දකුණු අප‍්‍රිකාව - ඉන්දියාව
ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 6 ට 152 (විරේන්ද්‍ර සෙවැග් 17, රෝහිත් ශර්මා 25, යුවරාජ් සිං 21, සුරේෂ් රයිනා 45, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 23, මොනේ මොර්කල් 28/2, රොබින් පීටර්සන් 25/2)
දකුණු අප‍්‍රිකාව ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 151 (ෆෆ් ඩූ ප්ලිසිස් 65, ජේ. පී. ඩුමිනි 16, ෆර්හාන් බිහර්ඞීන් 13, සහීර් ඛාන් 22/3, යුවරාජ් සිං 23/2, ලක්‍ෂ්මිපති බලාජී 37/3)