ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දියා ධීවරයන් 35 දෙනකු ලබන නව වැනිදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහතා නියෝග කළේය.
ඔවුන්ගේ ධීවර යාත්‍රා පුත්තලම විජය නාවික හමුදා කඳවුරේ තබන ලෙස ද, ඔවුන් ළඟ තිබූ මාළු කිලෝ 1500ක් පමණ පුත්තලම ධීවර කාර්යාලයයට භාර දෙන ලෙස ද නියෝග කැරිණි.

