(යොහාන් භාසුර)
ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ලිට්‍රෝ හිටපු පාලකයන් වගකීම් වරහිතව කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා අද (15) පැවසීය.
අවම වශයෙන් සැපයුම්කරුවන් කීපදෙනෙක් සමඟ ගොඩබාන විට හෝ මුදල් ගෙවීමට සාකච්ඡා කර නොමැති බව කී පීරිස් මහතා ඒ හේතුවෙන් හිස් මුහුද පමණක් ඉතිරිව ඇති බව ද සඳහන් කළේය.
ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතාම සුළු ප්‍රමාණයක් බවත් ඒ ප්‍රමාණයෙන් මෙම විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි යැයි කණගාටුවෙන් හෝ කිවයුතු බවත් පිරීස් මහතා කීය.