ඉදිරි 24 පැයේ කාලගුණය


දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

‘මධ්‍යම,  උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයෙත්   තැනින් තැන වැසි ඇති වේ‘.

‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත්  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ස්ථාන වලට ( මිලි මීටර්100ට වැඩි) තද වැසි ඇතිවිය හැකියි‘.

‘දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල  විටින් විට ඊසාන  දිග මෝසම් සුළං වේගය  පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/02/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

31

22

95

60

වැසි වාර කිහිපයක්.

මඩකලපුව

28

22

90

75

විටින් විට වැසි

කොළඹ

30

23

90

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ගාල්ල

30

24

95

80

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

යාපනය

28

21

85

70

වැසි වාර කිහිපයක්.

මහනුවර

29

20

95

60

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

21

11

95

70

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

33

23

95

55

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ත්‍රීකුණාමළය

29

24

95

70

විටින් විට වැසි

මන්නාරම

29

23

90

70

වැසි වාර කිහිපයක්.