ඉතාලියේ හෙළ මියැසි ගී රාවය


ඉතාලියේ  වෙරෝනා නුවර  පදිංචි ශ්‍රී ලාංකිකයින්  විසින් සංවිධානය කැරුණු හෙළ මියැසි ගී රාවය සංගීත  ප්‍රසංගය ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්   ඉතාලියේ නෙආත්‍රෝ  ස්තිමතෝ ශාලාවේදී  සාර්ථකව පැවැත්විණි.

වෙරෝනා මහා විහාරයේ  විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමි, වෙරෝනා ශ්‍රී ලාංකික කිතුනු සභාව බාර ඇන්ටන් රංජිත් පියතුමා, ඉතාලි ශ්‍රී ලාංකා තානාපති නාවලගේ  බෙනට් කුරේ සහ එම මහත්මියඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අමාත්‍ය උපදේශීකා රාණි බුලත්වෙල මහත්මිය ද ආරාධිතයෝ වූහ.

වෙරෝනා නුවර පදිංචි ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගෙන්  සමන්විත නෙවර් බැක් සංගීත  කණ්ඩායම දේශීය සංගීතයෙන් ප්‍රසංගය සංගීතවත් කළ අතර ශ්‍රී ලාංකික දරු දැරියෝ  එහිදී සාස්ත්‍රීය ගී ගැයූහ.

 දවුල, තම්මැට්ටම් ,ගැටඛෙර, වයලීන, සිතාරය දක්ෂ ලෙස වාදනය කළ ශ්‍රී ලාංකික දරු  දැරියෝ උඩරට  පහතරට නර්තනයන්ද, ජන නවි සහ නාට්‍ය අංගද  ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කළහ.

විදේශ ගතව සිටිමින් නොයෙකුත් දුෂ්කරතා මැද අර්තවත් සම්භාව්‍ය සංගීතයේ මිහිර මිනිස් සිතට ලබා දීම මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ විය.

 හෙළ මියැසි සංගීත සංසදයේ  සංගීත    ආචාරිනී චන්දිකා නිශ්ශංක මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකිකයන්  මෙය සංවිධානය   කර තිබිණි.

රෝහණ වීරසිංහයෝ  ද ගීත කිහිපයක් ගායනා කළේය.

 රෝහණ වීරසිංහ මහතා දේශීය සංගීතයට  කළ මෙහෙවර අගයමින් හෙළ මියැසි සංගීත සංසදය වෙතින් ඔහුට සම්මානයක්ද මෙහිදී  පිරිනැමීය.

රෝහණ වීරසිංහ මහතා ඉතාලි  ශ්‍රී ලාංකිකයන් අමතා පැවසුවේ  තමන් විවිධ රටවලට ගොස් ඇතත් දේශීය සංගීතයට, නර්තනයට  මෙතරම් ආදරය කරන ශ්‍රී ලාංකික දරු දැරියන් පිරිසක් දුටුවේ වෙරෝනා නගරයේදී බවත් ය.

එය ඉතා අගය කළ යුතු කාරණයක් බව පැවසු ඒ මහතා  ප්‍රසංගය සදහා තෝරා ගෙන  තිබු  ගි  අර්ථයෙන් සහ  සංගීතයෙන් ඉතා උසස් තත්වයක තිබීමද සතුටට කරුණක් බව පැවසුවේය.

මෙහදී අදහස් දැක්වු ඉතාලි ශ්‍රී ලංකා තානාපති බැනට් කුරේ මහතා  පැවසුවේ ශ්‍රී ලංකිකක දරු දැරියන්ගේ උත්සාහය සාර්ථක වී ඇති බවයි.

ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මෙම ප්‍රසංගයට සහභාගී වූහ. ඉතාලියේ සෝලෝ පියාජ්ජියෝ  සේවයමෝදනා ස්වර්ණ මුත්තු ජුවලර්ස්, සිලෝන් කොපරහිවා, පාර්මා මිලනෝ එල්ලේ සම්මේලනය සහ ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජාව ප්‍රසංගයට අනුග්‍රහය දක්වා තිබිණි.