ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 62 වැනි සංවත්සරය මොන්සා නගරයේදී පසුගියදා සැමැරණි.
මොන්සා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාඛාවේ සභාපති ක්‍රිස්ටිද සොයිසා මහතා ඇතුළු පිරිස උත්සවය සංවිධානය කළේය.
මිලානෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාවේ ප්‍රධාන ලේකම් ඩෙරික් අසොක හෙට්ටිආරච්චි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය. ප්‍රචාරක ලේකම් විපුල මෙන්ඩිස්ද මේ සදහා සභාගි විය.
සග වෙද ගුරු ගොවි කම්කරු පංචමහා බලවේගය පෙරටු කොට බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලොකයේ ප්‍රථම අගමෑතිනිය බිහි කිරිමට සමත් වු පක්ෂයක් බවත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පක්ෂයත් රටත් ලබා ඇති දියුණුව ගෑන ප්‍රධාන දේශනය පවත්වමින් අශෝක හෙට්ටිආරච්චි මහතා පැවසීය.