ඉතාලියෙත් කැලෑපත්තර


ශ්‍රි ලංකාවේ රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් මිලානෝ නගරය පුරා කෑලෑ පත්තර ගෑසු අයට විරුද්ධව රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යලය ඉතාලි පොලිසියට පෑමිණිලි කළේය.

තානාපති කාර්යාලයේ නිල මුද්‍රා හා එහි නිලධාරින්ගේ අත්සන යොදා ගනිමින් හොරට ලියවිලි පරිවර්තනය කරන්නේ යැයි කියන පුද්ගලයෙකුට විරුද්ධව හා ඔහුට හසු වු යමකු වෙතොත් ඒ පිළිබදව රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ උප තානාපතිනි රාණි බුලත්වෙල මහත්මියට පැමිණිලි කරන ලෙසට කැලෑපත්තරයේ සටහන් කොට තිබිණි.

රාණි බුලත්වෙල කියා සිටියේ රාජ්‍ය ලාංඡනය පවා යොදා ගනිමින් කළ මෙම පහත් ක්‍රියාවට එරෙහිව තමන් ඉතාලි පොලිසියට පැමිණිලි කල බවය. ඉතාලියේ රෑදි සිටිමේ බලපත්‍රය අවුරුදු හතරට අඩු ශ්‍රි ලාංකිකයින්ට ලංකාවෙන් නිකුත් කළ රියෑදුරු බලපත්‍රයක් තිබේ නම් එම රියෑදුරු බලපත්‍රය රෝමයේ තානාපති කාර්යාලය මගින් පරිවර්තනය කැර ඉතාලි රියැදුරු බලපත්‍රයක් ලබා ගැනිමට හැකි බවත් මෙම පරිවර්තනය පවා මිලානෝ නගරයේ හොරට සිදු කරන බවට තමාට පැමිණිලි ලැබුණු බවත් ඒ පිලිබදවද සොයා බැලිමට තමා ඉතාලි පොලිසියට දැන්වු බවත් බුලත්වෙල එසෑණට පෑවසීය.