ඉතාලි විසාවට ලක්ෂ දොළහ ගණනේ ගනී


ඉතාලි වීසා, ගමන් බලපත්, වැලි බලපත් ආදිය හොරට හදන තැනක් බොරලැස්ගමුවේ දේවාලෙමුල්ලෙන් මින් මද වේලාවකට කලින් අල්ලාගත් බව පොලිසියේ බස්නාහිර පළාත් බුද්ධි කෝට්ඨාස අංශය කියයි. ‘මැණික් ගල් වලට සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් මේ හොර කච්චේරිය වටලා ඇත්තේ හොර සල්ලි මුද්‍රණය කරන බවට ලැබුණු ඔත්තුවක් අනුවය. ඉතාලි වීසාවකට රුපියල් ලක්ෂ තුනේ සිට දොළහ දක්වා අය කරතියි කියති. වරෙන්තු හතරක් ද ඇති ප්‍රධාන සැකකරු සමග කාන්තාවක ද ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.