ඉතාලි ලාංකිකයෝ විසඳුම් සොයති


ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ තානාපති කාර්යාල ලියැවිලි සකසා දීමට නොයෙක් නගරවල පිහිටා ඇති ඉතාලි රජයේ ලියාපදිංචි කාර්යාල හිමිකරුවන් අද (10) දින රෝමයේ ධර්මාශෝක විහාරයේදී මුණගැහීමට නියමිත බවත් අනතුරුව දඹදෙණියේ  ධම්මාරාම හිමියන් සමග වැඩබලන තානාපති පෝෂිත පෙරේරා මහතා මුණගැහිමට  නියමිත බවත් වෙරෝනා නුවර බිමල් ප්‍රනාන්දු මහතා පවසයි.

‘අපි ඉතාලි රජයට බදු ගෙවලා නිත්‍යනුකුලවයි අපේ ආයතන පවත්වාගෙන යන්නේ. අපි තානාපති කාර්යාලයට අපේ මිනිස්සුන්ගේ ලියැවිලි අරන් යන්නේ නිකන් කරගන්න නොවේ. ඒ නියමිත මුදල අපි තානාපති කාර්යාලයට ගෙවනවා. කිලෝමීටර් 500ක් 1000ක් දුරගෙවාගෙන රෝමයට එන ශ්‍රී ලාංකිකයනට ප්‍රශ්න රැසක් ඇතැයි ඔහු කියයි.