ඉතාලි ලාංකිකයෙක් පිළියන්දල සෑයක් පිළිසකර කරයි


පිළියන්දල සිද්ධමුල්ල රජමහා විහාරයේ චෛත්‍යය, ඉතාලියේ පාර්මා නගරයේ පදිංචි ටී.ජී. සුනිල් ශාන්ත මහතාගේ රුපියල් ලක්ෂ 15ක වියදම් කර ප්‍රතිසංස්කරණය කෙළේය. චෛත්‍යයේ කොත නිරාවරණය කරන අවස්ථාවට කතානායක චමල් රාජපක්ෂ සහ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහත්වරු ද එක් වූහ. සුනිල් ශාන්ත මහතා අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන්ගේ යුරොපායේ සම්බන්ධීකරණ නිලධාරියෙකි. තම මව වන එම් ධර්මවර්ධන මහත්මියගේ ඉල්ලීමක් අනුව මෙම පින්කම කෙළේය.