ඉතාලි ලක් පාතාලෙට කුරේ අවි අමෝරයි


ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකික  තුවාන් නසීර්  මහතාට අයත් වෙළද සලක් කඩා වටිනා භාණ්ඩ සොරා ගැනීම පිළිබඳව තමා බෙහෙවින් කනගාටු වනබව රෝමයේ ශ්‍රී ලංකා තානාපති බැනට් කුරේ මහතා පවසයි .

ලක් පාතාලයට සම්බන්ධ අපරාධ කරුවන් කීපදෙනා ව්‍යාපාරිකයන්ට මෙන්ම එහි ජීවත්වන සමස්ත ශ්‍රී ලංකිකයන්ටම අඩන්ටෙත්ටම් කරන්නේ

නම් ඔවුන්ට විරුද්ධව නොබියව ඉතාලි පොලිසියට පැමිණිලි කරන ලෙසත්  ඉතාලි  පොලිස් පරීක්ෂණ අනුව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කිරීමට තමා පසුබට නොවන බවත් තානාපති පවසයි .ඉතාලියේ ජීවත්වන සමස්ත ශ්‍රී ලාංකිකයන් එකමුතුව ආරක්ෂාව තහවුරු කිරීම තම වගකීම බවද තානාපති කියයි.