ඉතාලියේ ජීවත් වන ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේදී මුහුණ දෙන ගැටලු විසඳීම ගැන විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම සහ ඉතාලියේ නව තානාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත නාවලගේ බෙනට් කුරේ මහතා අතර බදාදා (18) විශේෂ සාකච්ඡාවක් පැවැති බව විදේශ අමාත්‍යංශ ආරංචි කියයි.
නව තානාපති අගෝස්තු අගදී ඉතාලියට පැමිණීමට නියමිතව සිටියත් අසනීප හේතුවෙන් නොපැමිණි බවත්, ලබන 29 වැනිදා කුරේ මහතා රෝමයට පැමිණීමට නියමිත බවත් දැනගන්නට ඇත.
තානාපති නිලධාරීන් ස්වේච්ඡාවෙන් පවත්වාගෙන ගිය ඉරිදා සේවය නතර කිරීම ආදී ගැටළු රැසක් විසඳීමට විදේශ ලේකම්ගේ අවධානය යොමුව ඇතැයි ද, නව තානාපති රෝමයට ගොස් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි ද විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.